
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා සංචිතයට රත්ගම, දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් 6ක් තෝරාගෙන ඇත.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවන් හයදෙනා වන්නේ, සුමුදු නිසංසලා, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, ෂෙහාරා ඉඳුවරි සහ නෙතගී ඉසුරාංජලී ය.
මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න ද මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටී.
සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විසිනි.
16 දෙනෙකුගෙන් යුත් සංචිතය T20 සහ පන්දු වාර 50 තරඟ දෙකටම තරඟ වදින අතර, තරඟාවලිය 2024 සැප්තැම්බර් 20 වන දින ආරම්භ වීමට නියමිතය.
මෙම සංචාරය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart