
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවුල් ආරවුලක් හේතුවෙන් පියකු විසින් සිදුකළ පිහි ඇනුමකින් පුතකු ඝාතනයට ලක්ව තිබේ.
රත්මලාන බොරුපන ප්රදේශයේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ඊයේ (11) අලුයම ඇති වූ පවුල් ආරවුලක් අතරතුර සැමියා විසින් තම බිරිඳට සහ පුතාට තියුණු ආයුධයකින් මෙලෙස පහරදී ඇති බව මුලික විමර්ශන මගින් හෙළිවී තිබේ.
එහිදී 26 හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලැබූ කාන්තාව ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart