
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව ගෙවිය යුතු රුපියල් මිලියන 75 ක වන්දියක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා අවසන් කර ඇත.
වාරික අටකින් සම්පූර්ණ මුදල සම්පූර්ණ කරමින් ඔහු අවසන් ගෙවීම පසුගිය අගෝස්තු 30 වැනිදා සිදුකළ බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි පසුගියදා රුපියල් මිලියන 100ක වන්දි මුදල් ගෙවා අවසන් කර තිබිණි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියානොකිරීමට වගකිවයුත්තන් ලෙස හිටපු ජනාධිපති සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම්කෙරිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමට ඔවුන්ට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart