
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්රකාශ කිරීම සඳහා ශ්රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්රී ලාංකික විදේශගත ශ්රමිකයන් රට තුළ පවතින වත්මන් වීසා සහ විදේශ ගමන් බලපත්ර අර්බුදය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පවසයි.
ශ්රී ලාංකික විදේශගත ශ්රමිකයන් විශාල පිරිසක් මැතිවරණය සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත්, විදේශ ගමන් බලපත්ර කල් ඉකුත් වූ අයගේ විදේශ ගමන් බලපත්ර අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර, වීසා ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බවත් ඔහු ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
මන්ත්රීවරයා කියා සිටියේ ආණ්ඩුව හිතාමතාම ප්රශ්න උග්ර වීමට ඉඩ දී ඇත්දැයි සැකකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart