
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හැටන් නගරයේ බිම වැටී තිබූ ණය කාඩ්පතක්(ක්‍රෙඩිට් කාඩ්පතක්) අහුලාගත් පාසල් සිසුවකු එම කාඩ්පත භාවිත කර රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා භාණ්ඩ මිල දී ගෙන ඇති බව හැටන් මූලස්ථාන පොලිසිය පවසයි.
‘දිනමිණ’ වාර්තා කර ඇති ආකාරයට, ඉකුත්දා (01) හැටන් නගරයේ වැටී තිබූ ණය කාඩ්පත අහුලා ගත් සැකකාර සිසුවා හැටන් නගරයේ සුපිරි වෙළෙඳසලකින් ආහාර මිල දී ගැනීමෙන් පසු මහනුවර ප්‍රදේශයෙන් දුරකතනයට භාවිත කරන රුපියල් ලක්ෂයක් පමණ වටිනා උපකරණයක්, කාය වර්ධනය සඳහා භාවිත කරනු ලබන පෝෂ්‍යපදාර්ථ කිහිපයක් සහ පාවහන් යුගල් කිහිපයක් මිල දී ගෙන ඇත.
බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ණය කාඩ්පතක් අස්ථානගත වූ බවත්, අස්ථානගත වූ ණය කාඩ්පතින් හැටන් සහ මහනුවර නගරයෙන් රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා භාණ්ඩ කිසියම් පුද්ගලයකු විසින් මිල දී ගෙන ඇති බවත්, හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් විමර්ශනයක් සිදුකර සැකකාර සිසුවා පසුගියදා (06) අත්අඩංගුවට ගෙන ඇත.
එම භාණ්ඩ මිලදී ගත් එක් ආයතනයකින් සැකකාර සිසුවා මිල දී ගත් දුරකතන උපාංගයක වගකීම් සහතිකය නිකුත් කිරීමට ඔහුගේ සත්‍ය නම, ලිපිනය සහ දුරකතන අංකය දී තිබූ නිසා සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, ඔහු විසින් මිල දී ගත් භාණ්ඩ ඔහුගේ මුහුණුපොතේ දමා තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 13 වැනි වසරේ අධ්‍යාපන ලබමින් සිටින 18 හැවිරිදි සැකකාර පාසල් සිසුවා, පසුගියදා (06) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර එම නඩුව යළි මේ මස 18 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart