
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රීනී උමා කුමරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි සිය මව්පියන් ස්ථාවර වීම සඳහා සිදුකළ අරගලය ගැන අදහස් පළකළ අතර එහිදී ඇය හැඟීම්බර විය.
පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාව සිදුකරමින් උමා කුමාරන් කියාසිටියේ තම මාපියන් බ්‍රිතාන්‍යයේ සාර්ථක කතාවක කොටස්කරුවන් බවයි.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම හේතුවෙන් ඇගේ මව්පියන් බ්‍රිතාන්‍යයට පළාගිය අතර අනතුරුව උමා කුමාරන් උපත ලැබුවේ නැගෙනහිර ලන්ඩනයේදීයි.
2024 මැයි මාසයේදී උමා කුමරන් අලුතින් නිර්මාණය කරන ලද ස්ට්‍රැට්ෆර්ඩ් සහ බෝ මැතිවරණ කොට්ඨාසයේ කම්කරු පක්ෂයේ අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා ලදී.
පසුව ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
ඇය දෙමළ සරණාගතයන්ගේ දියණියක් බවත් අගතිය සහ හිංසා පීඩා විඳදරාගැනීමට කැමති ප්‍රජාවක දරුවෙකු බවත් උමා කුමාරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදි පැවසීය.
එම අවස්ථාවේදී ඇගේ මව්පියන් ද පාර්ලිමේන්තුවේ සිටි අතර තම දෙමාපියන් තමන්ට යහපත් අනාගතයක් ලබාදීමට අරගල කළ බව පවසමින් ඇය ඔවුන්ට උපහාර දැක්වූවාය.
උමා කුමරන් පැවසුවේ ඇගේ මාපියන් මීට වසර 40 කට පෙර ජීවිතය වෙනුවෙන් පළාගොස් බ්‍රිතාන්‍යයට පැමිණි බව හා මේවනවිට අභිමානවත් බ්‍රිතාන්‍ය පුරවැසියන් බවයි.
ඇය පැවසුවේ තම දෙමාපියන්ට ඔවුන් ආදරය කරන සෑම දෙයක්ම අත්හැරීමට බලකළ බවයි.
එමෙන්ම තම දෙමාපියන්ට එක්සත් රාජධානියේදී සිය ජීවිත යළිත් මුල සිටම ආරම්භ කළ යුතුව තිබූ බවත්, ඔවුන්ගෙන් ලබාගත් අවස්ථාව ඇයට ලබා දීමට දිවා රෑ නොබලා විවිධ රැකියාවල නිරත වූ බවත් මන්ත්‍රීවරිය සිහිපත් කළාය.
එමෙන්ම උමා කුමරන් පැවසුවේ බ්‍රිතාන්‍යය ඇගේ දෙමාපියන් විවෘත දෑතින් පිළිගත් අතර ඔවුන්ට ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමට සහ සමෘද්ධිමත් කර ගැනීමට හැකි වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart