
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝයල්ස් ස්පෝර්ට්ස් සමූහයට අයත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට එක්වන ‘රාජස්ථාන් රෝයල්ස්’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු ඉන්දීය නායක සහ පුහුණුකරු වූ රාහුල් ඩ්‍රාවිඩ් වසර ගණනාවක කොන්ත්‍රාත්තුවක් මත පත්කළ බව ඊයේ නිවේදනය කළේය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු නායකයා සහ පුහුණුකරුවන ඩ්‍රාවිඩ් . 2011 සිට 2015 දක්වා වාර පහක් කණ්ඩායම සමඟ ගත කළ අතර, දැන් වහාම කණ්ඩායම සමඟ ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ කුමාර් සංගක්කාර සමඟ එක්ව ක්‍රිකට් උපාය මාර්ගය ක්‍රියාත්මක කරමිනි.
“රාහුල්ට දැනටමත් කුමාර් (සංගක්කාර) සහ කණ්ඩායමේ සෙසු අය සමඟ වැඩ කිරීමට ඉඩ ලැබී ඇත, IPL තරගාවලිය සඳහා ක්‍රීඩකයන් රඳවා තබාගැනීම සහ වෙන්දේසිය වෙනුවෙන් මෙම උද්යෝගිමත් නව කාල පරිච්ඡේදය සඳහා අපි සූදානම් වෙමු” යැයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නිවේදනය කර ඇත.
පසුගිය වාර හතර සඳහා ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාවේ කටයුතු කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වත්මන් ක්‍රිකට් අධ්යක්ෂ කුමාර් සංගක්කාර, ඩ්‍රාවිඩ් කණ්ඩායමට සාදරයෙන් පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart