
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 38 දෙනෙකු ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් අසත්‍ය බවට සැකයක් පවතින බව පවසමින් එය පරීක්ෂා කරන ලෙස අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංවිධානයේ සභාපති කමන්ත තුෂාර කියා සිටියේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක හ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශකර ඇති වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන්ගේ සත්‍ය වත්කම් හා බැරකම් ගැන සඳහන් නොකරන බව ඔවුන්ගේ අදහස බවයි.
“අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ලේ දී අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගේම වත්කම් බැරකම් නිවැරදිව පරීක්ෂා කර ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල ඇතුළත් නොවන කිසිවක් ඔවුන් සතු නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි. ව්‍යාජ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාව නොමඟ යවා ඇත්නම් තේරී පත්වන ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙසත් අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.” යනුවෙන් ඔහු පවසා තිබේ.
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විසින් ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් මහජන ප්‍රවේශය සඳහා පසුගියදා නිකුත් කෙරිණි.
සාමාන්‍ය ජනතාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk වෙත පිවිසීමෙන් අදාළ ප්‍රකාශයන් වෙත ප්‍රවේශ විය හැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටියේය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 89 වැනි වගන්තියට අනුව අපේක්ෂකයන් සිය නාමයෝජනා සමඟ තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart