
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කොට්ඨාසයේ අවිවාහක තරුණ කාන්තා පොලිස් නිලධාර්නියකගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ඒවා ඇය බලවත් අපහසුතාවකට පත්කළේ යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් එම කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ තරුණයෙකි.
තරුණ කාන්තා පොලිස් නිලධාරිනියට නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන එවීමට යොදාගත් බව කියන ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් එම ජංගම දුරකතනයේ කාන්තා පොලිස් නිලධානියට එවා තිබූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇතුළත්ව තිබිණි යැයි පොලිසිය කියයි.
ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකතනයට එවීමෙන් අනතුරුව ඇය ඒ බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනියට පැමිණිලි කර තිබූ අතර, ඇයගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිනිය තරුණයා කොටුකර ගැනීමට සැලසුම් කර ඇත.
එම සැලැස්මට අනුව තරුණ කාන්තා පොලිස් නිලධාරිනිය ඇයට මෙවැනි දර්ශන එවන තරුණයා සමග ව්‍යාප් ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇතැයි පැවැසේ.
පොලිස් නිලධාරිනියගේ පෙම්බස්වලට රැවටුණු තරුණයා නිලධාරිනිය ඉල්ලීමක් අනුව ඇය හමුවීමට කොළඹට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තමා මාසයකට ආසන්න කාලයක් නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ඒවා ඇත්තේ පොලිස් නිලධාරිනියකට යැයි දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව යැයි පොලිසිය කියයි.
නිරුවත් වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප පොලිස් නිලධාරිනියකට එවා ඇය අපයෝජනයකට ලක්කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart