
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රකට රැප් ගායකයෙකු වූ ෆැට්මෑන් ස්කූප් (Fatman Scoop) මියගොස් තිබේ.
53 හැවිරිදි වියේ පසුවූ ඔහු සිය රසිකයින් භීතියට පත්කරමින් වේදිකාවක් මත ඇදවැටීමෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Isaac Freeman III නමින් උපත ලැබූ ඔහු වේදිකාවේදී ප්‍රසිද්ධියට පත්ව සිටියේ ෆැට්මෑන් ස්කූප් ලෙසයි.
ඉකුත් සිකුරාදා අමෙරිකාවේ කනෙක්ටිකට් හි හැම්ඩන් ටවුන් සෙන්ටර් උද්‍යානයේ ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ෆැට්මෑන් ස්කූප් ඇද වැටීම් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත් ඊයේ දිනයේදී ෆැට්මෑන් ස්කූප්ගේ කළමනාකරු සංගීතඥයාගේ අභාවය තහවුරු කළේය.
ස්කූප් අවස්ථා 03 කදී ග්‍රැමී සම්මානය හිමිකර ගෙන ඇති අතර ඔහු මෑතකදී පොඩ්කාස්ටිං සහ රියැලිටි ටීවී වැඩසටහන් සඳහා ද පිවිස සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart