
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු නිල-නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
මෙරට වේලාවෙන් ඊයේ (31) රාත්‍රියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 298ක් රැස්කිරීමට සමත්විය.
එහිදී නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 97ක් සහ කමිල් මිශාර ලකුණු 71ක් රැස්කළ අතර, ඔවුහු දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් පැවැත්වූහ.
වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ චමිඳු වික්‍රමසිංහ පන්දු 39කින් ලකුණු 55ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 299ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 36.5ක් තුළදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205ක් පමණි.
දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට (02) පැවැත්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart