
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත්ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර ගණනාවක් ඇතින්නගේ ඇත්ගොව්වා ලෙස සේවය කළ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
ලොරියකට ඇතින්න ලවා ලී කොටන් පටවන අවස්ථාවේදී සැකකාර ඇත්ගොව්වා එලෙස හිංසනය සිදුකරන අයුරු දැක්වෙන ජංගම දුරකථනයකින් ලබාගත් වීඩියෝවක් 2019 වසරේදී “කුංචනාදය” නැමති සමාජ මාධ්‍ය පිටුවේ සංසරණය වි තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිල්ලක් නොවීමෙන් පරීක්ෂණයක් නොවීය.
එම හිංසනය සම්බන්ධයෙන් රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය විසින් මීට දින කීපයකට ඉහතදී පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ බණ්ඩාරගම පොලිසිය විමර්ශන සිදුකර සැකකාර ඇත්ගොව්වා අත්අඩංගුවට ගත් බව පැවැසේ.
එකී සිද්ධියට අදාළව කුමාරි ඇතිනියගේ හිමිකරු ද පොලිසියට ගෙන්වා ප්‍රකාශ ගත් බවත්, මෙම සිද්ධිය පදනම් කරගෙන සැකකාර ඇත්ගොව්වා එම දිනවලම සේවයෙන් පහකළ බවත් හිමිකරුගෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart