
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා අද (31) අමෙරිකාව බලා පිටත්ව යයි.
ඇය ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔරලෙන්ස්හි පිහිටි තුලේන් විශ්වවිද්‍යාලයට ලබන සතියේ ඇතුළත් වන අතර, ඒ සඳහා ඇයට වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබී ඇත.
තුලේන් විශ්වවිද්‍යාලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩායමක් ඇති අතර, තරුෂි ඉදිරියේදී එම කණ්ඩායම නියෝජනය කරනු ඇත.
එම තුලේන් ග්‍රීන් වේව් මලල ක්‍රීඩා කණ්ඩායම අමෙරිකානු මලල ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයකු ලෙස ප්රමුඛ පෙළ තරගාවලි නියෝජනය කරනු ලබයි.
තුලේන් ග්‍රීන් වේව් යටතේ පාපන්දු, බාස්කට්බෝල්, වොලිබෝල් හා බේස්බෝල් වැනි ක්‍රීඩා සංචිත ක්‍රියාත්මකවන අතර, ක්‍රීඩා සංකීර්ණයක් වෙනම පිහිටා ඇත.
තරුෂිට විශ්වවිද්‍යාල කිහිපයකින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තෝරාගත් බව තරුෂි කරුණාරත්න ‘දිනමිණ’ට පවසා තිබේ.
එම අමෙරිකා තුලේන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් ඇති හෙයින් එය වඩාත් සුදුසුම ස්ථානය බව ඇය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart