
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග ලන්ඩන් නුවර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29)ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.
එහිදී කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට පැතුම් නිශ්ශංක සහ ලහිරු කුමාර නම් කිරීමට කටයුතු කර ඇත.
ඇගිල්ලේ අබාධයකට ලක්වීම මත පිතිකරුවකු ලෙස පමණක් දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර කඩුලු රැකීමේ වගකීම නිෂාන් මධුෂ්කට ලබාදී තිබේ.
මෙම නම්කිරීමත් සමග, 2022 ජුලි මස ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පැතුම් නිශ්ශංකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසිමට අවස්ථාව හිමිව ඇත.
දෙරට අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart