
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මංගල ටෙස්ට් තරගයේදී අංක 09 පිතිකරු ලෙස වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරු බවට පත්වීමට මිලාන් රත්නායක සමත්ව තිබේ.
ඒ, එංගලන්තය සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 72ක් වාර්තා කරමිනි.
පන්දු 135කට මුහුණ දුන් මිලාන් රත්නායක සිය ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහර දෙකක් වාර්තා කරන ලදී.
සිය පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගයට පිවිසි මිලාන් රත්නායකට හිමි ටෙස්ට් තොප්පිය සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් ලබාදීම ද ඇගයීමකට ලක්වූයේ ඔහු වාර්තා කළ ඓතිහාසික ටෙස්ට් ඉනිම හේතුවෙනි.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සිමා වූ අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 06ක් තිබියදී බිද වැටුණු අතර කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් යම් සාර්ථකත්වය ලබා ගන්නට උත්සාහ කළද ඊට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.
එවන් පසුබිමක් තුළ නායක ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක වාර්තා කළ ඉනිම් ද්විත්වය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඉවහල්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart