
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු සිඩ්නි තන්ඩර් සමඟ වසර 3ක් සඳහා ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය විශිෂ්ට දස්කම් දැක්වූවත් Hundred , ඕස්ට්‍රේලියානු WBBL( කාන්තා බිග් බෑෂ් ලීගය) හෝ ඉන්දියාවේ WPL හි කොන්ත්‍රාත්තු ඇයට නොලැබී තිබිණි.
පසුගිය වසරේ සිට මේ දක්වා වේගයෙන් ඉදිරියට යන අතර ඇය ඕවල් ඉන්වින්සිබල්ස්, යූපී වොරියර්ස් සහ සිඩ්නි තන්ඩර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කර ඇත.
පසුගිය වසරේ WBBL හි සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස අත්සන් කළ ඇය තරඟ 15කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස තරගාවලිය නිමා කරන්නට සමත් වුවාය.
පසුගිය මාසයේදී ද අතපත්තු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
සිඩ්නි තන්ඩර් විසින් 2024 වාරයට පෙර WBBL හි නව අත්සන් කිරීමේ නීති යටතේ වසර තුනක කොන්ත්‍රාත්තුවක් සඳහා අතපත්තු අත්සන් කරන බව අද නිවේදනය කළේය.
ඒ අනුව චමරි අතපත්තුව WBBL සඳහා 2025, 2026 සහ 2027 දී ලබා ගැනීමට බැඳී සිටී.
නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් අතපත්තු පවසා තිබුණේ ඉදිරි වාර තුන සඳහා සිඩ්නි තන්ඩර් වෙත කැපවීම පහසු තීරණයක් වූයේ ඔවුන් තමා කෙරෙහි ඇති විශ්වාසය සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට අවශ්‍ය නිසා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart