
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල පැතිර යන, මීට පෙර වඳුරු උණ ලෙස හැඳින්වූ mpox වසංගතය අන්තර්ජාතික අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශයට පත් කර ඇත.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයෙන් ආරම්භය සනිටුහන් වූ mpox වසංගතය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 450 දෙනෙකු මිය ගොස් තිබේ.
එය දැන් මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර විද්‍යාඥයන් මෙම රෝගයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳ සැළකිලිමත් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ අප්‍රිකාව තුළ සහ ඉන් ඔබ්බට තවදුරටත් පැතිරීමේ හැකියාව කණස්සල්ල දනවනසුළු ඉතා මට්ටමක පවතින බවයි.
Mpox සම්ප්‍රේෂණය වන්නේ ලිංගිකත්වය, සමෙන් සමට සම්බන්ධ වීම සහ වෙනත් පුද්ගලයකුට සමීපව කතා කිරීම හෝ ආශ්වාස කිරීම වැනි සමීප සම්බන්ධතා මගිනි.
එය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර සමේ තුවාල ද හටගනු ලැබේ.
රෝගය මාරාන්තික විය හැකි අතර මරණ අනුපාතය 100න් හතරක් පමණ වේ.
වසර ආරම්භයේ සිට, කොංගෝවේ mpox රෝගීන් 13,700කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී අවම වශයෙන් මරණ 450ක් සිදුව වී ඇත.
බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව ඇතුළු අනෙකුත් අප්‍රිකානු රටවල එය එතැන් සිට පැතිරී ඇත.
mpox මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශ කිරීම පර්යේෂණ, අරමුදල් සහ අනෙකුත් අන්තර්ජාතික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හඳුන්වාදීම වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2022 ජූලි මාසයේදී එක් mpox ප්‍රභේදයක් යුරෝපයේ සහ ආසියාවේ රටවල් 100කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබිණි.
එය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව, එම අවස්ථාවේ දී රෝගීන් 87,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 140 ක් වාර්තා විය.
ඕනෑම කෙනෙකුට mpox වැළඳිය හැකි වුවද, පැතිරීම බොහෝ දුරට සංකේන්ද්‍රණය වී ඇත්තේ පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින් අතරය.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් එන්නත් කිරීම මගින් එම වසංගතය පාලනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart