
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සිදුකරනු ලැබුවේ ධර්මසිරි ලංකාපේලි විසිනි.
එම අවස්ථාවට නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ, ධර්මසිරි ලංකාපේලි, නිරෝෂා ගුරුගේ, දුමින්ද නාගමුව, නූර් මොරීන්, පී. ඩී. සරණපාල, තරිඳු උඩුවරගෙදර, සිතාරා කුලරත්නඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ පැවසුවේ “මැතිවරණ පිටිය උණුසුම්. අපේක්ෂකයෝ ගොඩාක්. දැනටම 34ක්. නමුත් මේ බොහෝ අය රටේ ගැටලු විසදීමට කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා අපිට පේන්නේ නෑ. සියලුදෙනම තවත් රට ණය උගුලට අරන් යන IMF පාරේ යනවා. ඉන්දියාවේ බල න්‍යාය පත්‍රය ඉස්සරහ දණ ගහලා ඒවට විරුද්ධ වෙනවා පේන්නේත් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන, ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් ගැනවත් කතාවක් නෑ. ජනප්‍රිය පොරොන්දු දේශපාලනයේ හැමෝම යනවා. අන්න ඒ හිදැස පුරවමින් රටට වෙනස් දේශපාලන වැඩපිළිවෙළක් ගේන්න තමයි අපි ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ,” යනුවෙනි.
නුවන් බෝපගේ වෙනුවෙන් වන ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය හෙට(14) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළීමහන් රංග පීඨයේදී පැවැත්වෙන රැලියෙන් ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart