
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසර සඳහා කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක ප්‍රකාශ කර තිබේ.
රුපියල් බිලියන 11ක පමණ ඇස්තමේන්තුගත වියදමක් සහිතව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි.
“ලබන වසරේ අගෝස්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි. මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න අපි සූදානම් නැහැ. වත්මන් ජනාධිපතිවරයා විසින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් එවැනි මැතිවරණයක් සඳහා අවශ්‍ය මුදල් ජනාධිපති ඒකාබද්ධ අරමුදලින් නිදහස් කළ යුතුයි.”යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් මගින් විසුරුවා හැරීමක් ඉල්ලා සිටින්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ සිට වසර දෙකකුත් මාස හයකට නොඅඩු කාලයකට පසුවය.
කෙසේවෙතත්, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස තේරීපත් වුණහොත් එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ආසන 120-130ක් ලබා ගනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කර ඇත ඇත.
මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා රජයෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනක පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඕනෑම මැතිවරණයකට සූදානම්ව සිටින බවද ඔහු පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart