
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුනඛයන් දුසිම් ගණනක් දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම සහ මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු කරන ලද ප්‍රකට බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයකු වසර 10 යි මාස පහක සිරගත කර ඇත.
ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පිහිටි සත්ව විද්‍යාඥ ඇඩම් බ්‍රිටන්, උතුරු ප්‍රදේශයේ (NT) ශ්‍රේෂ්ඨාධිකරණයේදී තිරිසන්කම සහ සත්ව හිංසනය පිළිබඳ චෝදනා 56කට වරද පිළිගෙන තිබේ.
ළමා අපචාර සම්බන්ධ චෝදනා හතරකටද ඔහු වරද පිළිගෙන තිබේ.
52 හැවිරිදි බ්‍රිටන්ට, සතුන් මිල දී ගැනීම සහ ඔහුගේ සන්තකයේ තබාගැනීම ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති බවද ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ප්‍රධාන අපරාධය වූයේ බල්ලන් 42 දෙනෙකුට වධහිංසා පැමිණවීම සහ සිය ඉඩමේ රඳවා ඇති කන්ටේනරයකදී ඉන් 39 දෙනකු මරාදැමීම වන අතර, ඔහු ඔහුගේ අපරාධ බොහොමයක් රූගත කර ඇත.
ඔහුට එරෙහි දඬුවම පැනවීමේදී, චෝදනා පිලිබඳ පැහැදිලි කළ විනිසුරුවරයා සන නීති නිලධාරින්ද දැඩි කම්පනයට පත්වූ බවද එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart