August 8, 2024

ඡන්ද 1000ක්වත් ලබාගැනී­මට නොහැකි අය ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න ප්‍රශ්න­යක් බවත් මේ නිසා ඡන්ද විම­සී­මට අම­ත­රව වැයකර­න්නට සිදු­වන මුදල කෝටි ගණ­නක් බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති.

මේ නිසා ඡන්ද පත්‍රි­කාව අන­වශ්‍ය ලෙස විශාල වීමෙන් මුද්‍රණ විය­දම් ඉහළ යෑමට අම­ත­රව තමන් කැමැති අපේ­ක්ෂ­ක­යාට ඡන්දය ප්‍රකාශ කිරී­මට යෑමේදී ජන­තාව ද අසී­රු­තා­වට පත්වනු ඇති බව ද මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නාහි­මියෝ පව­සති.

ඇතැම් අප්‍ර­සිද්ධ පුද්ග­ල­යන් නම ප්‍රසිද්ධ කර ගැනී­මට ඇති කෑද­ර­කම නිසා ජන­ප­ති­ව­ර­ණ­යට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදි­රි­යේදී තවත් අය ඇප මුදල් තැන්පත් කිරී­මෙන් ඡන්ද පත්‍රි­කාව තවත් දිගු­වී­මට ඉඩ තිබෙන බවත් අනු­නා­මියෝ පැව­සූහ.

මහ­ප­ත­රංග ජාත­කය මෙන් ඡන්ද පත්‍රි­කාව දිගු වීම නිසා රජයේ මුදල් මෙන්ම නිල­ධා­රීන්ගේ කාලය, ශ්‍රමය අම­ත­රව වැය කිරී­මට සිදු බව ද උන් වහන්සේ කීහ.

ජන­ප­ති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කිරී­මට පැමිණි හිමි­න­මක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අම­තක වූ බව පවසා ආපසු හැරී ගොස් නැවත වෙනත් දින­යක පැමිණි බවත්, ජන­පති ධුර­යට පත්වීමේ අපේ­ක්ෂා­වෙන් වැඩ කරන අයගේ මොළය වැඩ කරන්නේ මෙසේ නම් එය විශාල ගැට­ලු­වක් බවත් විම­ල­ධම්ම නාහි­මියෝ ප්‍රකාශ කළහ.

උගත්, බුද්ධි­මත් දේශ­පා­ල­නය ගැන කිසිදු අව­බෝ­ධ­යක් නැති අය ජන­පති ධුරය සඳහා ඉදි­රි­පත් වීම විශාල ගැට­ලු­වක් බවත් මේ නිසා නියම සුදුස්සා තෝරා ගැනී­මට යෑමේදී ඡන්ද­දා­ය­කයා ද අප­හ­සු­තා­වට පත්වී­මට ඉඩක් තිබෙන බවත් උන් වහන්සේ පැව­සූහ.

ඡන්ද­දා­ය­ක­යන් ඇතැම් අපේ­ක්ෂ­ක­යන් වටා තව­ලම පසු­පස යන ගොනුන් සේ ගමන් කරන බවත් එසේ නැතිව රට භාර දීමට නියම සුදුස්සා කවුද යන්න තෝරාගැනීමේ වග­කීම ජන­තා­වට තිබෙන බවත් අනු­නා­හි­මියෝ ප්‍රකාශ කළහ.

“දූෂ­ණය නව­තමු, මව්බිම ගොඩ­න­ඟමු” සන්ධා­නයේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී රොෂාන් රණ­සිංහ සහ හිටපු අග­වි­නි­සුරු සරත් එන් සිල්වා යන අය ඊයේ (08) මල්වතු මහා විහා­ර­යට ගොස් උන් වහන්සේ බැහැ­දැක ආශි­ර්වාද ලබා ගත් අව­ස්ථා­වේදී උන් වහන්සේ ඒ බව සඳ­හන් කළහ.