
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ දැවීයෑම ආන්දෝලනයට තුඩුදී ඇත.
ඊට හේතුව තෙවැනි විනිසුරු විසින් හතරේ සීමාව අසලදී ශුබ්මන් ගිල් විසින් රැකගත් උඩ පන්දුව දැවීයෑමක් ලෙස නම්කිරීමයි.
එම සමාලෝචනය සඳහා තෙවැනි විනිසුරුට පැවතියේ සීමිත කැමරා කෝණ කිහිපයක් පමණකි.
කෙසේවෙතත්, ඉන්දියාවේ ශුබ්මන් ගිල් උඩපන්දුව සම්පූර්ණ කරන අතරතුර සීමාවේ කඹය ස්පර්ශ කරන ආකාරය දැක්වෙන නව ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
නීතිරීතිවලට අනුව පන්දු රකින ක්‍රීඩකයකු උඩ පන්දුවක් රැකගන්නා අවස්ථාව වන විට සිමාවේ කඹය ස්පර්ශ කළහොත් එය දැවී යෑමක් නොව හයේ පහරක් ලෙස සටහන් විය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart