
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාබුල් ප්රිමියර් ලීග් (KPL) 2 වැනි තරගාවලියේදී ආසියානු ක්රිකට් කවුන්සිලයේ (ACB) සහ අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ(ICC) දූෂණ විරෝධී සංග්රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ප්රමුඛ පෙළ පිතිකරු Ihsanullah Janat හට වසර පහක ක්රිකට් ක්රියාකාරකම් තහනම් කර ඇත.
ICC දූෂණ විරෝධී සංග්රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ජනත් වැරදිකරු වී ඇති අතර, එයට අනිසි බලපෑම් හෝ තරඟයක ප්රතිඵලය, ප්රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංගයක් වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇතුළත් වේ.
මෙම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ සියලුම ක්රියාකාරකම් වලින් වසර පහක තහනමක් පනවා ඇත.
ජනත් චෝදනා පිළිගෙන ඇති අතර ඔහු දූෂිත ක්රියාකාරකම්වලට සම්බන්ධ බවට පාපොච්චාරණය කර ඇත.
තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට තවත් ක්රීඩකයන් තිදෙනකු ද සැකපිට සිටින බව ACB දූෂණ මර්දන ඒකකය (ACU) අනාවරණය කරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වේ.
ඔවුන්ගේ වරද තහවුරු කිරීමෙන් පසු ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ තීරණ ගනු ලැබේ.
Ihsanullah Janat තහනම මෙම ප්රකාශය නිකුත් කිරීමත් සමඟ වහාම ක්රියාත්මක වන අතර ඉදිරි වසර පහ සඳහා එය පවතිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart