
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට අලි ගහනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පවසමින් අලි ඇතුන් අපනයනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවේ දී අද යෝජනා කළේය.
රටේ ප්‍රමාණයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අලි ගහනය වැඩි බවත්, වන අලි අපනයනය කිරීමට, අභයභූමිවලට මුදා හැරීමට හෝ හීලෑ කිරීම සඳහා මිනිසුන්ට ලබා දීමට වනජීවී ඇමැතිවරයාට යෝජනා කරන් බවත් ඔහු පැවසීය.
එම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අලි ගහනය වැඩි වී ඇති බව පිළිගනිමින් සඳහන් කළේ ඉන්දියාවට වඩා අලි ගහනය වැඩි වී ඇති බවය.
අලි ඇතුන් ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ස්වාභාවික මරණ අඩුවීමත් සමඟ අලි ගහනය ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවාය.
“ශ්‍රී ලංකාව අතීතයේ ඇත් දළ නිෂ්පාදනවලට ප්‍රසිද්ධයි. පිටරට වෙළෙන්දෝ ලංකාවට ආවා එවැනි භාණ්ඩ වෙළඳාම් කරන්න. ඒකට හේතුව ඒ දවස්වල අලි මරණ විශාල ප්‍රමාණයක් තිබුණා. නමුත් දැන් ස්වාභාවික අලි මරණ අඩුවෙලා. අපිට අවශ්‍ය අලි ඇතුන් ආරක්ෂා කරන අතරම මිනිසුන්ට සහ දේපළවලට සිදුවන හානිය අවම කිරීමට ක්‍රම සොයා ගැනීමට” යනුවෙන් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart