
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීඩා සියා නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, හිටපු අගමැති ෂීක් හසීනා බලයෙන් ඉවත්වී රටින් පළගොස් පැය කිහිපයකට පසුවය.
ජනාධිපති මාධ්‍ය කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, “බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) සභාපතිනි බෙගම් ඛලීඩා සියා වහාම නිදහස් කිරීමට ඒකමතිකව තීරණය කළ” බවයි.
යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman, නාවික හා ගුවන් හමුදා ප්‍රධානියා සමඟින්, BNP සහ Jamaat-e-Islami පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක ඉහළ නායකයන් ඊයේ ජනාධිපතිවරයා සමග විශේෂ රැස්වීමකට සහභාගී වූහ.
බෙගම් ඛලීඩා සියා බංග්ලාදේශයේ මීළඟ ප්‍රධානියා බවට පත්වනු ඇතැයි ඉඟි පළව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart