
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී ඊයේ රට හැර යාමෙන් පසු රට තුළ ප්රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයත් සමඟ විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනිතබා ඇති බව වාර්තා වේ.
මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයේදී අවාමි ලීග් අපේක්ෂකයකු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් ආසනය දිනාගත් මොර්ටාසා කුල්නා කොට්ඨාශයේ නරායිල්-2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
එරට ජනමාධ්‍ය වාර්තා කළේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවලින් පසු ෂීක් හසීනා රටින් පිටතට පියාසර කිරීමෙන් පසු සාහසිකයන් මොර්ටාසාගේ නිවස විනාශ කර ගිනිතැබූ බවයි.
මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් තරග 117කදී නායකත්වය ලබාදී ඇත.
ඔහු සිය දීර්ඝ ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 36කදී, එක්දින තරග 220කදී සහ විස්සයි20 තරග 54කදී අන්තර්ජාතික කඩුලු 390ක් දවාගත් අතර ලකුණු 2,955ක් රැස්කළේය.
ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු, ඔහු 2018 දී හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයට සම්බන්ධ වීමෙන් දේශපාලනයට පිවිසි අතර නරායිල්-2 මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.
විරෝධතාකරුවන් දිස්ත්‍රික් අවාමි ලීග් කාර්යාලයට ද ගිනි තබා එහි සභාපති සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ නිවසට ද හානි කළ බව බංග්ලාදේශයේ ප්‍රමුඛතම දිනපතා ‘ඩකා ට්‍රිබියුන්’ වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart