
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ සවුත්පෝර්ට් හිදී ඉකුත් සතියේදී දරුවන් තිදෙනකු පිහි ඇනුමකින් ඝාතනය කර තිබීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් එංගලන්තය තුළ සංක්‍රමණ විරෝධී විරෝධතා මාලාවක් පැනනැගී තිබේ
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ වසර 13 කට පසු එංගලන්තය එහි දරුණුතම මහජන කැරැල්ලට මුහුණ දී සිටින බවයි.
සාවද්‍ය තොරතුරු සහ සංක්‍රමණ විරෝධී හැඟීම් මගින් අවුළුවන ලද මහජන විරෝධතා, රොදර්හැම් සහ මැන්චෙස්ටර් ඇතුළු නගර කිහිපයකට දරුණු ලෙස පැතිරී ඇත.
ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ මුව ආවරණ පැළඳගත් සංක්‍රමණ විරෝධී පෙළපාලිකරුවන් රොදර්හැම් හි සරණාගතයන් පිරිසක් නවාතැන් ගෙන සිටි හෝටලයකට පහරදීමත් සමඟ ය.
ලිවර්පූල්, මැන්චෙස්ටර් සහ බ්‍රිස්ටල්හි අන්ත දක්ෂිණාංශික මධ්‍යස්ථානවලද ද ගැටුම් හටගෙන තිබේ.
කැරලිකරුවන් සහ පොලිසිය අතර ද ගැටුම් හටගෙන ඇති අතර විරෝධතාකරුවන් ගඩොල් සහ බෝතල් විසිකර, සාප්පු කොල්ලකා තිබේ.
මෙම සති අන්තයේදී ද විරෝධතාකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරී විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩකාරීවීම හමුවේ බ්‍රිතන්‍ය අගමැති කීර් ස්ටාමර් අද හදිසි කැබිනට් රැස්වීමක් කැදවා තිබේ.
ඒ සදහා රජයේ අමාත්‍යවරුන්, රජයේ ආයතන කිහිපයක ඉහළ නිලධාරීන්, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් සහභාගී වී ඇතැයි වාර්තා වේ.
එහෙත් සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්‍යාලය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.
විරෝධතාලරුවන් පාලනය කිරීමට සහ ආරක්ෂාව වෙනුවෙන් එංගලන්තයේ නගරවලට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර සතිඅන්තයේ හට ගත් ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart