
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රචණ්ඩ අරගල මධ්‍යයේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී ඩකා අගනුවරින් පිටව ගොස් ඇත.
ඇයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හටගත් ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් දින දෙකක් ඇතුලත් 300ක් පමණ පිරිසක් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
NDTV පුවත් සේවය වාර්තා කරන ආකාරයට “ඇය සහ ඇගේ සොහොයුරිය Ganabhaban (අගමැති නිල නිවස) අතහැර ආරක්ෂිත ස්ථානයක් වෙත පිටත්ව ගොස් ඇත,”
“ඇයට ජනතාව ඇමතීමට කථාවක් පටිගත කිරීමට අවශ්‍ය විය. නමුත් ඇයට එය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි විය,” යැයි එම වාර්තාව පවසයි.
ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවෝ ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩාවැදී ඇත.
ඩකාහි සන්නද්ධ රථ සහිත සොල්දාදුවන් සහ පොලිසිය හසීනාගේ කාර්යාලයට යන මාර්ග කටු කම්බිවලින් අවහිර කර ඇති බව AFP වාර්තාකරුවන් සඳහන් කර තිබේ.
මේ අතර බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා ජාතිය ඇමතීමට සූදානම් වන අතර, ඊට පෙර දේශපාලන නායකයන් හමුවීමට නියමිත බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart