
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැරිස් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට අමෙරිකානු සුපිරි ක්‍රීඩිකා Katie Ledecky සමත් වී තිබේ.
ඒ සමගින් එකම ඉසව්වක ඔලිම්පික් රන් 4ක් දිනාගත් විශිෂ්ටතම ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් හැරුණු විට එම දස්කම දැක්වූ එකම පිහිනුම් ක්‍රීඩිකාව බවට පත්වීමට ද Katie Ledecky ට හැකිවිය.
ඇය එම සිව්වැනි රන් පදක්කම වෙනුවෙන් ගතකළ කාලය මිනිත්තු 08.11.04කි.
මෙය Ledecky ගේ 9 වැනි ඔලිම්පික් රන් පදක්කමයි.
සෝවියට් දේශය නියෝජනය කළ හිටපු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන Larisa Latynina සමග සමවෙමින් ඇයගේ සමස්ත පදක්කම් සංඛ්‍යාව 14 දක්වා ගෙන යෑමට ද එම පදක්කම හේතුවිය.
ෆෙල්ප්ස් ඔලිම්පික් ක්‍රීඩකයකුගෙන් වැඩිම පදක්කම් දිනාගෙන ඇති අතර රන් පදක්කම් 23ක් ඇතුළුව ඔහු දිනු ඔලිම්පික් පදක්කම් ගණන 28කි.
27 හැවිරිදි Ledecky පසුව පැවසුවේ සිව්වැනි වරටත් තමන්ට තැබීමට හැකි වූ වාර්තාව ඇයට වඩාත්ම වැදගත් දෙය බවයි.
“අගෝස්තු 3 යනු මම 2012 දී ජයග්‍රහණය කළ දිනයයි, අගෝස්තු 3 මම අකමැති දවසක් කරගන්න මට අවශ්‍ය වුණේ නැහැ. මම මට දැඩි පීඩනයක් එල්ල කළා, ඒ නිසා මම කාර්යය ඉටු කළා කියලා මම සතුටු වෙනවා.” යනුවෙන් ඇය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart