
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැළකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි මේ වන විට වාර්තා පළවෙමින් තිබේ.
එම වාර්තාවලට අමුව කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර ඇතැයි පැවසෙන අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව ප්‍රකාශ විය.
ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පළායෑමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart