
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනූ චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරටට පළමු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නායකත්වය දුන් අර්ජුන රණතුංග විශේෂ සටහනක් තබමින් සුබපැතුම් පිරිනමා තිබේ.
ඔහු විසින් තබන ලද සටහන මෙසේයි;
” 2024 ආසියානු කුසලානයේ ශූරියන් වීම ගැන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබපතමි.
තරඟාවලිය පුරාම ඔබ සැමගේ දක්‍ෂතා සුවිශේෂී වූ අතර අවසාන ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ ඔබ සැම කළ කැපවීමයි.
රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අප සියලු දෙනාම බලාපොරොත්තු සුන් වී ඇති මොහොතක ඔබ මුළු මහත් ජාතියටම ආඩම්බරයක් ඇති කර තිබේ.
චමරිගේ නායකත්වයේ කාර්යභාරය සහ මෙම කණ්ඩායම වෙනුවෙන් ඇය කළ කැපවීම ද අප ඇගයිය යුතුය.
මෙම ජයග්‍රහණය නායකයකු ලෙස ඔබේ දක්ෂතාවට සාක්ෂියකි.
ඔබ සැමට ඔබේ අනාගතයට සුභ පතමි.
අවසන් මහා තරගයේදී හර්ෂිතා දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් විශේෂ ඇගයීමක් කරමි.
ඔබේ ඉනිම සහ එය ඔබ විසින් මෙහෙය වූ ආකාරය, ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඔබේ දක්ෂතාව සහ කැපවීම පෙන්නුම් කරයි.
ඔබේ ඉදිරියේ දීප්තිමත් අනාගතයක් ඇති බව මම දකිමි.
ඔබ නිහතමානීව සිටිමින් සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
රට නියෝජනය කිරීමට ලැබීම හා සැසඳිය හැකි වෙනත් කිසිවක් නැත.
එසේම කණ්ඩායමට ශක්තියක් වූ පුහුණුකරුට සහ සහායක කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම රොමේෂ්ට මගේ සුබ පැතුම් පිරිනමමි.
මෙම ජයග්‍රහණය ඔබගේ කැපවීම, වගවීම සහ කඩිසරකම පිළිබිඹු කිරීමකි.
ඔබ මෙම ගැහැණු දරුවන්ට දිගටම මග පෙන්වනු ඇති අතර ඔවුන්ගේ සැබෑ හැකියාවන් මතුකර ගැනීමට ඔවුන්ව යොමු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
නැවතත් කණ්ඩායමට මගේ හද පිරි සුබ පැතුම් පිරිනමමි.
මෙම තරුණ කණ්ඩායමට ඉතා හොඳ අනාගතයක් සඳහා මම සුබ පතමි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart