
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් සංචාරක ඇමැතිවරයා ලෙස විදේශ සංචාර සඳහා කළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉල්ලා කරන ලද ප්‍රකාශයකට ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රතිචාර දක්වා තිබේ.
ඇමැති හරීන් ප්‍රනාන්දුගේ විදේශ ගමන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් ඊයේ අනුර කුමාර දිසානායක වෙත යොමුකරමින් මෙම ප්‍රතිචාරය දන්වා තිබේ.
එම ලිපියෙන් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා පවසා ඇත්තේ තමන් සම්බන්ධයෙන් කරන ලද පදනම් විරහිත සහ නින්දා සහගත චෝදනා දැඩි ලෙස හෙළා දකින බවයි.
නොමග යවනසුළු ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඔහු අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා ඇත.
සංචාරක අමාත්‍යාංශය භාරගැනීමේදී මුහුණ පෑමට සිදු වූ සුවිශේෂී අභියෝග පිළිබඳව එම ලිපියෙන් විස්තර කර තිබේ.
ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන සංචාරක කර්මාන්තය ඇති ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.
මීට අමතරව, රට ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින කාලසීමාව තුළ ක්‍රීඩා අමාත්‍යාංශය පවරා ගැනීම පිළිබඳවද ලිපියේ සඳහන් වෙයි.
ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා පුළුල් අන්තර්ජාතික ප්‍රයත්නයන් අවශ්‍යවූ බවද මෙම ලිපියෙන් අවධාරණය කරයි.
තමාගේ සියලුම විදේශ සංචාර සඳහා මුදල් යෙදවූයේ තම පෞද්ගලික මුදලින් බවත්, තමන් අමාත්‍යාංශ මුදල් භාවිත නොකළ බවත් අමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart