
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ මූල්‍ය අනුග්‍රාහක චෙක්පත් පිරිනමා තිබේ.
ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනි.
මීට අමතරව, චීනයේ Hangzhou හි පැවති පසුගිය ආසියානු සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සහ ඉහළම ස්ථාන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 1280ක ත්‍යාග මුදල් ද බෙදා දී තිබේ.
යොවුන් කෙටි දුර ධාවන ශූරී තරුෂිට ඇයගේ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 15ක් සහ සහය දිවීමේ පදක්කම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 2.5ක් පිරිනැමිණි.
රටේ මූල්‍ය අර්බුදය මධ්‍යයේ වුවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ වැදගත්කම ඇමැති ප්‍රනාන්දු මෙහිදී අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේදී විනයෙහි වැදගත්කම ද ඔහු විසින් අවධාරණය කරණ ලදී.
රටේ අපේක්ෂා මල්ඵල ගන්වමින් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කැපවන ලෙස ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart