
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
LPL අවසන් මහා තරගය වර්ණවත් කරමින් මෙරට ඉතිහාසයේ පළමු වරට ඩ්‍රෝන 500ක් එකවර ගුවන්ගත කෙරෙන ප්‍රදර්ශනයක් අද ප්‍රේමදාස පිටියේදි සිදු කෙරෙන බව ක්‍රිකට් ආයතනය කියා සිටී.
අවසන් මහා තරගයේදි ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වදිනු ඇත.
ඊයේ පැවති දෙවැනි අවසන් පුර්ව තරගය කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් ලබමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
එහිදි ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර විස්ස තුළදි කඩුලු 07ට ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත්විය.
තරගාවලියේ දී පසුබෑමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් පන්දු 54කදී වේගවත් ලකුණු 105ක් රැස්කර ගත්තේය.
කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම තියුණු සටනක් ලබා දෙමින් තරගයේ ජයග්‍රහණය අභියසට පැමිණියත් පන්දුවාර විස්ස අවසානයේ ඔවුන්ට කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 186ක් පමණි.
ඒ අනුව,ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට පිවිසියේ හතරවැනි වරට වන අතර ඔවුන් 2020, 2021 සහ 2022 වසරවල ශුරතාව දිනාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart