
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
එහිදි ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වදිනු ඇත.
ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් ලබමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසියේය.
එහිදි ජැෆ්නා කණ්ඩායම පලමුව පන්දුවට පහරදී පන්දුවාර විස්ස තුළදී කඩුලු 07ට ලකුණු 187ක් රැස්කළහ.
තරගාවලියේ දි පසුබෑමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් පන්දු 54කදී වේගවත් ලකුණු 105ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තියුණු සටනක් ලබාදෙමින් තරගයේ ජයග්‍රහණය අභියසට පැමිණියත් පන්දුවාර විස්ස අවසානයේ ඔවුන්ට කඩුලු 08ක් දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 186ක් පමණි.
ඒ අනුව,ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට පිවිසියේ හතරවැනි වරට වන අතර ඔවුන් 2020,2021 සහ 2022 වසර වල ශුරතාව ජයග්‍රහණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart