
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය අද(ජූලි 19) රංගිරි දඹුලු අන්තර්ජතික්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
තරග 15කින් සමන්විත මෙම තරගාවලියට බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන පූර්ණ සාමාජික කණ්ඩායම් සහභාගි වන අතර ඔවුන් සමඟ මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ නේපාලය ද සහභාගි වීමට නියමිතය.
පාකිස්ථානය සහ ඉන්දියාව නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා පස්වරු 7.00ට පැවැත්වේ.
කාණ්ඩ දෙකින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ජූලි 26 වැනිදා අවසන් පූර්ව වටයට තරග වදින අතර අවසන් මහා තරගය ජූලි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart