
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබු ලිපියක් නීතිවිරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කළ බවට චෝදනා ලැබ සිටිය දී අධිකරණයට අපහාස වන කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥයකු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියම කළේය.
අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළුව නඩු ගොනුවක තිබු ලිපියක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන විනාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න නමැත්තාට එරෙහි පැමිණිල්ල කැදවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
ධර්මසිරි කරුණාරත්න නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා, අපහාස වන කරුණු ඇතුළත් කර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරිමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානිවන අන්දමින් කටයුතු කිරිම පිළිබඳව ද ඔහුට එරෙහිව කටයුතු කළ යුතු යැයි පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු පුනාන්දු, එස්. තුරේරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන අයගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
නීතිඥ වෘත්තියට නොහොබිනා ලෙස හැසිරුණු බව කියමින් නීතිඥවරයකුව සිටි ධර්මසිරි කරුණාරත්නට එරෙහි පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී ඒ ඔහු අධිකරණයේ පෙනීසිටියේය.
මෙම පැමිණිල්ලට අදාළව ධර්මසිරි කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් කර තිබු දිවුරුම් ප්‍රකාශ පරීක්ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මෙම දිවුරුම් ප්‍රකාශවල අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් කිහිපදෙනකුටම අපහාස වන ආකාරයේ ප්‍රකාශ ඇතුළත්ව ඇතැයි පෙන්වා දුන්නේය.
ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියට නොහොබිනා අන්දමින් හැසිරි ඇතැයි ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කර ඇතැයි ද පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඔහු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.
ධර්මසිරි කරුණාරත්න නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනීසිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න පෙනීසිටියේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart