
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජුලි 19 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන 2024 කාන්තා T20 ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර ඇත.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇති අතර ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය ඊට හිමිව ඇත.
තරග 15කින් සමන්විත මෙම තරගාවලියට බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන පූර්ණ සාමාජික කණ්ඩායම් සහභාගි වන අතර ඔවුන් සමඟ මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ නේපාලය ද සහභාගි වීමට නියමිතය.
පාකිස්ථානය සහ ඉන්දියාව නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියාව ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටියි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය නේපාලය සමඟ තරග වැදීමෙන් ලබන 19 වැනිදා තරගාවලිය ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා පස්වරු 7.00ට පැවැත්වේ.
කාණ්ඩ දෙකින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ජූලි 26 වැනිදා අවසන් පූර්ව වටයට තරග වදින අතර අවසන් මහා තරගය ජූලි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය: චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞදිෂ්යලා ප්රියධාරි, නිශානි කසුරියලා, ඉනෝෂි කෞෂ්යලා, ශෂිනි ගිම්හානි සහ අමා කාංචනා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart