
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ දිසානායක මන්ත්‍රීවරයා පෙන්වූ ලිපිගොනුවල ඇත්තේ පිටපත් පමණක් බවත් ඒවායේ මුල් ලිපිගොනු තමන් සතුව තිබූ බවත්ය.
එම අවස්ථාවේ එම ලිපිගොනු 400ම ජනතා විමුක්ති පෙරමුණ විසින් සාකච්ඡා කළ නමුත් එහි සාමාජික ආනන්ද විජේපාල නඩු පවරා තිබුණේ එම ලිපිගොනු 40කට පමණක් බවද ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් පැවැසීය.
2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නම්කරන ලද ආනන්ද විජේපාලය.
“ලිපිගොනු 400න් 40කට විතරයි නඩු දාලා තියෙන්නේ. ඉතිරි ලිපිගොනු 360 හිස්. ඒ නිසා ෆයිල් ඔක්කොම පෙන්නලා තේරුමක් නෑ, කතා කරන්න තිබුණේ ෆයිල් 40 ගැන විතරයි” ජනාධිපතිවරයා කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart