
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැනට උපනායකත්වයේ සිටින චරිත් අසලංක වෙත ලබා දීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජය සහ මේ වන විට පැවැත්වෙ එල්.පී.එල්. තරගාවලිය තුළ විවේචනයට ලක්වූ පසුබිමක වනිඳු හසරංග පසුගියදා ශ්‍රී ලංකා T20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්විය.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාT20 නායකත්වය දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක සහ චරිත් අසලංකට හිමිවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වී තිබිණි.
ඒ, ලබන 27 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන T20 තරගාවලියේදී ශ්‍රී ලංකා T20 නායකත්වය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳ ප්‍රශ්න කරමිනි.
ඒ අනුව උපනායකත්වයේ සිටින චරිත් අසලංකට T20 නායකත්වය ලබා දීමට අවධානය යොමුව ඇති අතර ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සාකච්ඡාවක ද නිරත වි ඇති බව වාර්තා වේ.
එහිදි ඉන්දියාවට එරෙහි T20 ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
කෙසේවෙතත්, තේරීම් කමිටුව තවමත් ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකත්වය පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.
ලෝක කුසලානයට සහභාගි වී එල්.පි.එල්. තරගාවලිය තුළ අසාර්ථක ක්‍රිඩකයන් වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා ඉන්දීය කණ්ඩායම සමග තරගාවලියට එක් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
චරිත් අසලංක 2016 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරග දෙකකදී මෙහෙයවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart