
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චැම්පියන්ස් කුසලාන 2025 තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බොහෝදුරට පාකිස්ථානයට නොයනු ඇති බව ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්’ වාර්තා කර තිබේ.
මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
2025 චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කළහොත් ඒ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආදේශ කරනු ඇත.
2023 එක්දින ලෝක කුසලානයේ 9 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබුවේ නැත.
2002 වසරේ එම කුසලානයේ ජයග්‍රාහකයන් වූ ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වුයේ පළමු වරටය.
‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්’ වාර්තා කරන ආකාරයට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායම ලබන වසරේ මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත පාකිස්ථානයට යෑමට ඇති ඉඩකඩ අඩුය.
මෙම ඉසව්ව ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට යෑම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ඉන්දීය රජයයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා මීට පෙර ප්‍රකාශ කළේ කණ්ඩායම පාකිස්ථානයට යන්නේ රජයේ අනුමැතිය ඇතිව පමණක් බවයි.
ඉන්දියාවේ ස්ථාවරය තරඟාවලියක ස්ථානයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවේ.
2023 ආසියානු කුසලාන තරගාවලිය “දෙමුහුන්” ආකෘතියෙන් පැවැත්වුණේ ද එම ගැටලුව නිසාය.
ඉන්දියාවේ සියලුම තරග ශ්‍රී ලංකාවේ පැවැති අතර ඉතිරි කණ්ඩායම් පාකිස්ථානයේ දී තරග වැදිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart