
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ‘ප්‍රධාන පුහුණුකරු’ ලෙස සනත් ජයසූරිය පත්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අවසන් වන තෙක් ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇත.
ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
ඔහුගේ නව පත්වීම වහාම ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ, “සනත් අන්තර්ජාතික ක්‍රිකට් අත්දැකීම් සම්භාරය සමඟින්, අපි ස්ථිර විසඳුමක් සොයා ගන්නා තුරු ජාතික කණ්ඩායමට මඟ පෙන්වීමට සූදානමින් සිටිනවා.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart