
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්‍රෝ ටර්මිනල්ස් පෞද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළකළ ලංසුකරුවන් අතරින් 8 දෙනෙකු ජෝයනා කැඳවීමේ අදියරට තෝරාගෙන තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ මේ සඳහා ආයෝජකයන්ට කැමැත්ත ප්‍රකාශ කිරීමට දී තිබු කාලසීමාව 2024 මාර්තු 15 සිකුරාදා පස්වරු 2.00 ට අවසන් වූ බවයි.
එම කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඉල්ලීම් 2023 ජූලි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසායන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශයන්ට අනුකූලව දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව ඇගයීමට ලක් කළ බව ද අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති කමිටුව සහ විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් යෝජනා අදියර සඳහා පහත ලංසුකරුවන් පූර්ව සුදුසුකම් ලබා ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
I. භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ්
2. සීමාසහිත සියම්ගෑස් සහ පෙට්‍රොකෙමිකල් පොදු සමාගම
3. Bgn Int Dmcc සහ Bayegan Dis Ticaret A.S
4. කොන්ෆිඩන්ස් පෙට්‍රෝලියම් ඉන්ඩියා ලිමිටඩ්
5. OQ ට්‍රේඩින් ලිමිටඩ්
6. ට්‍රයිස්ටාර් ට්‍රාන්ස්පෝර්ට් එල්එල්සී
7. විටෝ ඒෂියා ලිමිටඩ්
8. Infinity Holdings, Infinity Holdings Sidecar 1 සහ National Gas Company Saog
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart