
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස දිල්හානි ලේකම්ගේ නම්කර තිබේ.
ඇය Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම්ලාභිනියය.
ඇහැලියගොඩ මහින්ද විද්‍යාලයේ ආදි සිසුවියක වන 37 හැවිරිදි ඇය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවකි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකව ද ඇය වේ.
මීට අමතරව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.
දිල්හානි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සහ ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් අනතුරුව ජාතික මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් විය.
ඇය 2017 දී බුබනේස්වර් ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ 2022 දී හැංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනූ අතර 2023 දී බැංකොක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
මීට අමතරව, ඇය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ගෝල්ඩ් කෝස්ට් හි පැවති 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පස්වැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සමස්ත නායකයා අද නම් කිරීමට නියමිතය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පිටත්ව යන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද දිල්හානි පත් කිරීමට නියමිතව ඇත.
මේ අතර ත්‍රිපුද්ගල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලේකම් සමන් ගුණවර්ධන කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සෘජුවම සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වන අතර කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න සෙසු පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනා වේ.
මලල ක්‍රීඩා ලෝක ශ්‍රේණිගත කිරීම් හරහා දිල්හානි, තරුෂි කරුණාරත්න සහ අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇත.
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේදී පැවැත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart