
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද ත්‍රස්තවාදයට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම රටට විශාල තර්ජනයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටින ඇතැම් මානව හිමිකම් නීතීඥයන් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
විශේෂයෙන්ම ආර්ථික අභියෝගවලින් රට ගොඩගැනීමේදී මෙම උවදුරෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික සහයෝගයේ තීරණාත්මක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අනාගත පරපුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම මගින් රටේ ප්‍රගමනය සඳහා රජය ගන්නා සියලු උත්සාහයන් අඩපණ කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකළේ “නීතියට ගරු කරන රටක්” යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් බලගැන්වීමේ වැඩමුළුවේදීය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
“2021-2022 කාලය තුළ නිවාස හා දේපළ ගිනි තැබීම් හා විනාශ කිරීම් සමඟ නීතිය හා සාමය බිඳවැටීමක් සිදුවුණා. මේ තත්ත්වය යටතේ නීතිය හා සාමය යථාතත්ත්වයට පත්කිරීම අත්‍යවශ්‍ය වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මෙම විනාශකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණා. ඒ නිසා ආර්ථික සංවර්ධන උත්සායන්ට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමටත් අපි අවධානය යොමකළා. ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම මෙම උපාය මාර්ගයේ කොටසක්.”
“මුලදී මෙම වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව සැක තිබුණු නමුත් අද එය ඵලදායී බව ඔප්පු වී තිබෙනවා. බොහෝ ප්‍රදේශවල, මංකොල්ලකෑම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සමඟ අපරාධ සම්බන්ධ වී තිබෙනවා. පුද්ගලයන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය පුරුදු සඳහා මුදල් සෙවීමට සොරකම් කරනවා.”
“මේක දරාගත නොහැකි තත්ත්වයක්. මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් මත්ද්‍රව්‍ය අප රටට ඇතුළු වන අතර මුහුදු මාර්ග ඔස්සේ පාකිස්තානය, ඉන්දියාව වැනි අසල්වැසි රටවලට ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙනවා. ඒ අනුව අපි මේ ප්‍රශ්නය විසඳීමට නාවික හමුදාව යොදවනවා. කලාපීය සහයෝගීතාව ඉතා වැදගත්. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමට විසඳුමක් සෙවීමට අසල්වැසි රටවල් සාමූහිකව කැපවී සිටිනවා.
“එබැවින්, මත්ද්‍රව්‍ය විරෝධී නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙසත් මම මෙම කමිටුවලින් ඉල්ලා සිටිනවා. සමහර පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අකමැත්තෙන් වුවද මට සිදුවී තිබෙනවා. නමුත් දැනට පවතින නීති ප්‍රමාණවත් නෑ. අපට නව නීති අවශ්‍යයි”
“සිංගප්පූරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අතරේ අපි එවැනි අන්තයකට නොගොස් භාරකාර විසඳුම් සොයනවා. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ඇතැම් නීතීඥවරුන් ඉදිරිපත් වී තිබෙනවා. මෙය අපට ප්‍රශ්න මතුකරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මානව හිමිකම් කඩවීමක් බව මා විශ්වාස කරන නමුත් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මානව හිමිකම් කඩවීමක් නොවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කඩවීමක් බවත් ඔවුන් තර්ක කරනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුව අපේ ස්ථාවරය පැහැදිලි කිරීම අත්‍යාවශ්‍යයි,” ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart