
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවකු ගුරු විවේකාගාරයට කැඳවා වතුරට සමාන දියර වර්ගයක් පානය කිරීමට ලබා දී සිහිය නැතිව ගිය පසු එම සිසුවාට අතවරයක් කළේ යැයි කියන එම විදුහලේම ගුරු හිමිනමක් පෙරේදා (4) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විදුහලේම බෞද්ධ ධර්මය උගන්වන කටුනායක ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.
කිසිවකු නොමැති අවස්ථාවක මෙම සිසුවාව සැකකාර හිමිනම ගුරු විවේකාගාරයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
ජලයට සමාන යමක් ගුරු හිමි නම ලබාදීමෙන් පසු තමාට සිහිය නැතිව ගිය බවත් පියවි සිහිය ලබා බලන විට කලිසම ගලවා බිම දමා තිබෙන අයුරු දැක ඇති බවත් සිසුවා පොලිසියට පවසා ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධයෙන් සිසුවා විදුහල්පතිවරයාට ද දැනුම් දී පසුව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.
සිසුවාගේ එම පැමිණිල්ල අනුව සහ පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇත.
ගුරු විවේකාගාරයේදී අතවරයකට ලක්වූයේ යැයි කියන මෙම සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිමිනම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart