July 6, 2024

රාජ්‍ය අනුග්‍රහය යටතේ වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

ඔහු සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් ජනාධිපති අරමුදල හරහා ලබා ගැනීමට නියමිත බවයි.

“ජයගමු ශ්‍රී ලංකා” මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ දෙවැනි දින වැඩසටහන් ආරම්භයට මාතර ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ යටතේ “SMART Youth Club” වැඩසටහන ද අද (06) ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සනිටුහන් කෙරිණි.

මෙහි අරමුණ තරුණ වෘත්තිකයන් සහ රැකියා අපේක්ෂිතයන් දිරි ගැන්වීමයි.

ජනාධිපති අරමුදලින් තරුණ වෘත්තීය පුහුණුවට දක්වන රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කරමින් මනූෂ නානායක්කාර ඇමැතිවරයා පැවසුවේ
“මේ ඉන්න සියලු දෙනාට වෘත්තීය පුහුණුව ලබන්න කැමති අය, ඒකේ තවදුරටත් යන්න කැමති අයට වෘත්තීය පුහුණුව සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ඔබව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපති අරමුදල හරහා ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා,” යනුවෙනි.