July 6, 2024

දකුණු පළාතේ පාසල්වල සිසුන් සඳහා ස්මාර්ට් පන්ති කාමර 200ක් සහ ටැබ්ලට් පරිගණක 2000ක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රදානය කර තිබේ.

දකුණු පළාත් ස්මාර්ට් පන්තිකාමර ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදානයන් සිදු කර තිබේ.

ගෝල් ඩි හෝල් ශාලාවේ දී අද (06) පෙරවරුවේ මෙම ප්‍රදානයන් සිදුකර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වැයකර ඇති බවයි.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන දියත් කර ඇත.

මේ දිනවල සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසද දිවයින පුරා පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබාදෙමින් සිටී.