
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික උමා කුමාරන් බ්‍රිතාන්‍යයේ ස්ට්‍රැට්ෆර්ඩ් සහ බෝ ප්‍රාන්තයේ පළමු මන්ත්‍රීවරිය ලෙස එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.
කම්කරු පක්ෂයෙන් තරග කළ ඇය ඊයේ පැවැති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ඡන්ද 19,145 ක් ලබාගනිමින් තේරී පත් වී ඇත.
උමා කුමාරන් උපත ලබා ඇත්තේ නැගෙනහිර ලන්ඩනයේ වන අතර ඇගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම හේතුවෙන් එක්සත් රාජධානියට පැමිණ පළමුව ජීවත්ව ඇත්තේ එම ප්‍රදේශයේය.
මේරි ක්වීන් හි ඉගෙනුම ලබා ඇති උමා වත්මන් ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් වෙනුවෙන් සහ ගෝලීය දේශගුණික සංවිධානයක රාජ්‍යතාන්ත්‍රික සබඳතා අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.
ඇය පවසන පරිදි ඇගේ සීයා යාපනයේ මුල් කාලීන වෘත්තීය සමිති සාමාජිකයෙකි.
සනීපාරක්ෂක සේවකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලා වෘත්තීය සමිති විරෝධතාවකට එක්වීම නිසා ඔහුව තාවකාලිකව නිවසින් එළවා දමා ඇති බව උමා කියයි.
එය ඔහුගේ කෝපයට හේතු වී ඇති බවත් රාජ්‍ය සේවකයන් වීම නිසා සැමදා ඔහුට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් හැඟීමක් තිබූ බවත් උමා කියන්නීය.
එය සිය පවුලටම පොදු ලක්ෂණයක් බව ද උමා පවසන්නීය.
“යුද්ධය මගේ මව්පියන්ගේ ජීවිතවල ගමන් මග වෙනස් කළා. අපි ලෝකේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවතැන් වූ ජනතාවක් වෙලා. මේ මොහොතේ මට එය වඩාත් තියුණු ලෙස දැනෙනවා. මගේ අම්මා මේ මාසේ මුලදී නැති වුණා. මට ඇයගේ අවමංගල්‍ය කටයුතු සඳහා නියමිත වේලාවට ඕස්ට්‍රේලියාවට යෑමටත් පසුව ප්‍රචාරක කටයුතු සඳහා ආපසු ඒමටත් නොහැකි වුණා. අපි සාගරවලින් වෙන් වන්නේ ඇයි කියලා මට වඩාත් තියුණු ලෙස දැනෙනවා.” යනුවෙන් ඇය සඳහන් කරයි.
සිය පවුල් දේශපාලනය ‘වෘත්තියක්’ හෝ සම්බන්ධ වීමට සුදුසු ප්‍රධාන ධාරාවක් ලෙස නොසළකන නමුත් ඒ සම්බන්ධ දැක්ම යහපත් අතට වෙනස් වෙමින් තිබෙන බව උමා සඳහන් කරයි.
2009 මැයි මාසයේ සහ ඊට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකිව යුතු නැති බව සැබවින්ම විශ්වාස කළ නොහැකි බව උමා පවසයි.
සිදු වූ විනාශයන්, ජීවිත හානි, ඉඩම් අහිමිවීම් කිසිදා අමතක නොවන බව ද ඇය සඳහන් කර තිබ්.
යුද්ධයේ මානසික හා ශාරීරික කැළැල් ඇති පරම්පරාවක් වැඩෙමින් සිටින බවත් එය සිහිපත් කිරීමට අකැමති වුවද එම ඉතිහාසය දෙමළ ජනතාව දැන සිටිය යුතු බවත් ඇය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart