
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොම්පඤ්ඤවීදියේ ඇල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටී 15 හැවිරිදි සිසුවියක සහ සිසුවකු මියයෑමට හේතුව හදිසියේ ඇද වැටීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුවිය උස් ස්ථානවල සිට ඡායාරූප ගැනීමට කැමැත්තක් දක්වන බව ඇයගේ ජංගම දුරකථනයේ තිබී හමුවූ ඡායාරූප කිහිපයකින් පෙනී යන බවයි.
ඒ අනුව එම සිසුවා සහ සිසුවිය මෙලෙස ඡායාරූප ගැනීමට යෑමේදී 67 වැනි මහලෙන් වැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මේ අතර, එම සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේය.
සිද්ධිය වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් නොතිබූ බව CCTV දර්ශනවල ද පෙනී ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් නිකුත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ අවසන් වීමෙන් පසු ඔවුන්ගේ සිරුරු පවුල් වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart